How to get free YouTube subscribers, likes and views?
Get Free YouTube Subscribers, Views and Likes

රටේම දරුවන් වෙලාගත් මේ මහා ව්‍යසනයේ ගොදුරක් වීමට පෙර ඔබේ දරුවාත් බේරාගමු...

Follow
Ada Derana

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#child #childsafe

රටේම දරුවන් වෙලාගත් මේ මහා ව්‍යසනයේ ගොදුරක් වීමට පෙර ඔබේ දරුවාත් බේරාගමු...
ඔබත් මෙවැනි දරුවෙකුගේ මවක හෝ පියෙකු නම් අනිවාර්යයෙන්ම මේක බලන්න

මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්‍රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.

එම වාර්තා පදනම් කරගනිමින් අධිකරණයට ගිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.

කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් සම්බන්ධයෙන් මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි ගණන 55කි.

කුඩා කළ සිය මව්පිය රැකවරණ මැද හැදීවැඩෙන දරුවන් කෙමෙන් කෙමෙන් සමාජයට නිරාවරණය වීමත් සමග ජංගම දුරකථන හා අන්තර්ජාල ක්‍රියාකාරකම් සඳහා යොමු වෙයි.

එය වර්තමානය වනවිට විශාල ගැටලුවක් බවට පත්වී ඇත්තේ දිනෙන් දින අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපචාර ඉහළයෑම හේතුවෙනි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැවසුවේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලා හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප භාවිත කරමින් ඔවුන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම්වලට අදාළව 2023 වසරේදී පැමිණිලි 150ක්ද මේ වසරේ අප්‍රේල් 31 දක්වා පැමිණිලි 55ක්ද ලැබී ඇති බවය.

අමෙරිකානු ආයතනයක් වන අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය අනාවරණ කරන්නේ, අපයෝජන සඳහා අන්තර්ජාලය ඔස්සේ ළමයින් පොළඹවා ගැනීම් 2021, 22 සහ 23 වසරවලදී සියයට 300කින් වැඩි වී ඇති බවය.

ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දරු දැරියන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස නිර්මාණය කරමින් සන්තකයේ තබාගැනීම හා අන්තර්ජාලයට මුදාහැරීමට කිසියම් පිරිසක් පියවර ගෙන ඇති බව ද එම අමෙරිකානු ආයතනය දැනුම්දී තිබේ.

#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Business #Technology #PoliticalNews #TrendingNews #ViralNews

posted by kelpie1018