Rock YouTube channel with real views, likes and subscribers
Get Free YouTube Subscribers, Views and Likes

රුසියානු යුද බිමේ සිටින ලාංකිකයින්...අද දෙරණ ට කළ සංවේදී හෙළිදරව්ව.. 'ජීවිතේ කොයිවෙලේ ද කියලා නෑ...'

Follow
Ada Derana

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#russia #srilankaarmy #ukraine #sensetive #information
රුසියානු යුද බිමේ සිටින ලාංකිකයින්... අද දෙරණ ට කළ සංවේදී හෙළිදරව්ව... "ජීවිතේ කොයිවෙලේ ද කියලා නෑ..."
රුසියානු යුක්‍රේන කුලී හමුදාවන්ට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් පත්ව සිටින දුෂ්කරතා පිළිබඳ පසුගිය දිනවල අවස්ථා රැසක තොරතුරු වාර්තා වුණි.

එවන් වාතාවරණයක තවත් එවැනිම ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු රුසියාවේ යුද බිමේ සිට සිය අත්දැකීම් "අද දෙරණ" ට ප්‍රකාශ කළේය.

2022 පෙබරවාරි 24 වැනිදා රුසියානු හමුදා යුක්‍රේන භූමිය ආක්‍රමණය කිරීමත් සමග දෙරටේ යුද වැදීම සඳහා විවිධ රටවලින් කුලී හේවායන් බඳවා ගනු ලැබුවේ ඉහළ වැටුප් සහ රුසියානු පුරවැසිභාවය වැනි වරප්‍රසාද ලබාදෙන බවට පවසමිනි.

ශ්‍රී ලාංකික විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද විශාල පිරිසක් එලෙස රුසියාව බලා පිටත්ව ගොස් තිබිණි.

ත්‍රිවිධ හමුදාවේම සේවය කළ ඉහළ තනතුරු දැරූ පිරිසක් විසින් මෙම මිනිස් ජාවාරම සිදුකර තිබූ බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් එලෙස රුසියානු යුක්‍රේන යුද්ධය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස මෙතෙක් නිෂ්චිත වශයෙන් හඳුනාගෙන නොමැති අතර යුද්ධයට මැදිවූ බොහෝ පිරිසකගේ ජීවිත මේවනවිටත් අහිමිවී ඇතැයි තොරතුරු වාර්තා වේ.


#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #YouTubeLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

posted by kelpie1018